Image

සෙල්ලිපි කියැවීම පිළිබදව කෙටිකාලීන පාඨමාලාව

පාඨමාලා ආරම්භය

2023 අප්‍රේල් 25
 

මාධ්‍යය

සිංහල
 

දේශන පැවැත්වෙන දිනය

සෙනසුරාදා
 

දේශන පැවැත්වීම

මාර්ගගත (zoom) හා කේෂ්ත්‍ර වැඩමුලු
 

ඉලක්කගත කණ්ඩායම්:

සංචාරක මගපෙන්වන්නන්, විශ්වවිද්‍යාල සිසුන්, පාසල් ගුරුවරු, මාධ්‍යවේදීන්, ඉතිහාසය හා පුරාවිද්‍යාව පිළිබද උනන්දුවක් දක්වන පාසල් සිසුන් හා මහජනතාව

මෙවැනි පාඨමාලාවක් අවශ්‍ය වන්නේ ඇයි:

ශ්‍රී ලංකාවේ දිගු කාලීන සෙල්ලිපි සම්ප්‍රදායක් සහිත රටකි. එනිසා ශ්‍රී ලංකාවේ ඉතිහාසය ගොඩනැගීමේ දී සෙල්ලිපිවලින් විශාල දායකත්වයක් ලැබී තිබේ. එමෙන්ම රටපුරා විසරී ඇති දහස් ගණන් සෙල්ලිපිවල ලියවී ඇත්තේ කුමක්දැයි දැනගැනීමට බොහෝ පුද්ගලයන් කුතුහලයකින් පසුවෙයි. ඇතැම් විවාදාත්මක සෙල්ලිපි පිළිබදව හා ඉන් කියවෙන කාරණා පිළිබදව තමාගේම අදහසක් ඇති කර ගැනීමට යමෙකු කැමැත්තක් දැක්විය හැකිය. අතීතය පිළිබදව එවන් කුතුහලාත්මක උනන්දුවක් සහිත එනමුත් සෙල්ලිපි පිළිබදව විධිමත් අධ්‍යාපනයක් සිදු කිරීමට නොහැකිවූ එවැනි පුද්ගලයන් වෙත විධිමත් ශාස්ත්‍රීය දැනුම ලබාදිය හැකි, වගකිවයුතු රාජ්‍ය ආයතනයක් මගින් මෙහෙයවන සෙල්ලිපි පිළිබදව පාඨමාලාවක කාලීන අවශ්‍යතාවක් පවතී.

Image

පාඨමාලාවේ ඉලක්කය:

  • සහභාගීවන පුද්ගලයන් ශ්‍රී ලංකාවේ විසිරී ඇති සෙල්ලිපි වර්ග හදුනාගැනීම.
  • එක් එක් සෙල්ලිපි වර්ගයන් කුමන කාලවකවානුවකට අයත් වන්නේද සහ ඒවා ලියවී ඇති පොදු අරමුණු හදුනාගැනීම.
  • එක් එක් කාලවකවානුවේ භාවිත අක්ෂර පද්ධතිය හදුනාගැනීම.
  • සෙල්ලිපියක පද බෙදීම, භාෂා භාවිතය හා භාෂා ප්‍රයෝගයන් පිළිබද මූලික දැනුම ලබාගැනීම
  • සරල සෙල්ලිපියක් කියවා අරුත් නගා ගැනීමේ මූලික අභ්‍යාසය සම්පූර්ණ කිරීම.

සම්පත් දායකයන්:

ශ්‍රී ලංකාවේ විවිධ විශ්වවිද්‍යාලවල සෙල්ලිපි විෂය උගන්වන විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ, මධ්‍යම සංස්කෘතික අරමුදලේ සෙල්ලිපි පිළිබද ප්‍රවීනයින්.

පාඨමාලා කාලය:

මාස 3 ක කාලයකදී දේශන මාතෘකා 25 ක් සම්පූර්ණ කෙරෙන අතර දේශන අවශ්‍යතාව පරිදි සෙල්ලිපි කියවීමේ ප්‍රායෝගික සැසි කේෂ්ත්‍රයේ දී සිදු කරයි

 

පාඨමාලා ගාස්තුව:

සම්පූර්ණ පාඨමාලා ගාස්තුව රු. 20,000 කි. ලියාපදිංචි ගාස්තුව රු. 1500 කි. පාඨමාලා ගාස්තුව වාරික දෙකක් මගින් ගෙවීම් කළ හැකි අතර ක්ෂේත්‍ර වැඩමුළු සදහා වැයවන මුදල් පාඨමාලා හදාරණ ශිෂ්‍යයින්ට දැරීමට සිදු වේ.

මෙම පාඨමාලාව අවසානයේ කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් පිරිනමන මෙම සහතිකය ඔබට හිමිවේ.

Image

පාඨමාලාව සදහා අයදුම් කිරීම

මෙම සෙල්ලිපි කියැවීම පිළිබද සහතිකපත්‍ර පාඨමාලාව සදහා
2023.04.20 දිනට පෙර අයදුම් කරන්න

About Us

The Postgraduate Institute of Archaeology (PGIAR) was established on the 1st January 1986, by order dated 18th December 1985, under section 24A of the Universities Act No. 16 of 1978 by the University Grants Commission. The PGIAR is a Postgraduate Institute of the University of Kelaniya. It is the prime institution for postgraduate studies and research in archaeology and subjects related to archaeology in the country.

 

PGIAR Updates

  • Notices
  • News & Events
  • Vacancies
  • Classified

Admissions

  • Certificates/Diplomas 
  • Postgraduate Diplomas
  • Msc/MA
  • MPhil/PhD

 

Contact us

  • Postgraduate Institute of Archaeology
  • No. 407, 
  • Bauddhaloka Mawata
  • Colombo 7
  • Sri Lanka
  • (+94) 112 685 217 
  • sarpgiar@kln.ac.lk
© COPYRIGHT RESERVED BY POSTGRADUATE INSTITUTE OF ARCHAEOLOGY

Search